සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා
.W.W. කන්නන්ගර ලංකාවේ පලමු අධ්‍යාපනික අමාත්‍යය වරයාවේ. නිදහස් අධ්‍යාපනයේ පියා ද නමින් විරුදාවලිය ලබා ඇත. ආචාර්ය C.W.W. කන්නන්ගර (1884 ඔක්තොම්බර් 13 සිට 1956 සැප්තැම්බර් 23 දක්වා) ලාංකික නීතිඥ්ඥවරයකු හා දේශපාලකයකුද වුයේය. අධ්‍යාපනික ඇමතිවරයා ලෙස ඔහුට රටේ දේශපාලන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
පලමු කාලයේදී නිතිඥ්ඥවරයකු ලෙස කටයුතු කල ඔහු පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 1923 දී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට තේරි පත්වූ ඔහු පසුව රාජ්‍යය කවුන්සිලයටද තේරුණේය. ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙසද ඔහු කටයුතු කලේය.අධ්‍යාපන ඇමතිවරයා ලෙස වරප්‍රසාද අඩු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දීමට පනත් සංශෝධනය කිරිමට ඔහුට හැකිවිය. තවද කේන්ද්‍ර පාසල් ක්‍රමයක් ස්ථාපිත කල ඔහු දුෂ්කර පළාත්වල ද්විතියික පාසල්වල තත්වය වර්ධනය කිරීමටත් කටයුතු කලේය.කන්නන්ගරගේ ප්‍රධානත්වයෙන් 1942 දී පත්කල කොමිටිය මගින් 1943 දී පහත නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබාදෙන ලදී. Automatic Kolam
එසේම ඔහු රටපුරා මධ්‍ය මහා විද්‍යාල රාශියක් ඇතිකිරීමට සමත්විය. ඔහුගේ අවශ්‍යතාවය වුයේ මධ්‍ය මහා විද්‍යාලයක් සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම ඇති කිරීමයි. මධ්‍ය මහා විද්‍යාලවල නේවාසිකාගාර ගාස්තු පියවීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ශිෂ්‍යයන් වෙනුවෙන් 1943 දී කන්නන්ගර විසින් ඇති කලේය.ඔහුගේ වසර 16 ක අධ්‍යාපන ඇමතිවරයා ලෙස කල සේවා කාලයේදී කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමටත් පුරාතණ පිරිවෙන් වැඩිදියුණු කිරීමටත් ඔහුට හැකිවිය. මව් භාෂාව ඉගෙනීමට ශිෂ්‍යයන්ට අවධාරණය කරන අතරම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමටත් ඔහු අවවාද කර සිටියේය.
No comments:
Post a Comment